ලංකාවේ පරිගණක ක්‍රීඩා රසිකයන් අතර ජනප්‍රිය ක්‍රීඩාවක් වන GTA San Andreas මෙයට කලකට පෙර අන්තර්ජාලයෙන් ක්‍රීඩකයන් කිහිපදෙනෙකු සමග එක්ව ක්‍රීඩා කිරීමට හැකි වන පරිදි Multi Theft Auto හදුන්වා දෙන ලදී. එම ක්‍රීඩාව ලාංකික ක්‍රීඩකයන්ට වඩාත් සමීප කිරීමේ අදහසින් ලංකාවේ තරුණයන් පිරිසක් විසින් වසර 4ක කාලයක් තිස්සේ ලංකාවේ ප්‍රසිද්ධ ස්ථාන, ලංකාවේ ඇඳුම් පැළඳුම්, හා වාහන එක්කොට ප්‍රතිනිර්මානයකොට තිබේ.
ගෝල්ෆේස්, ලෝක වෙළඳ මධ්‍යස්ථානය වැනි ලංකාවේ ප්‍රසිද්ධ ස්ථාන මෙම ක්‍රීඩාවේ Map එක තුල අන්තර්ගත වන අතර ඉදිරියේදී තවත් කොළඹ නගරය ආශ්‍රිත ස්ථාන එයට එක්කිරීමට නියමිතය. එමෙන්ම එම ක්‍රීඩාව තුල අවුරුදු උත්සව, බීච් පාටි වැනි ඉසව් සංවිධානය කිරීමත් එම ඉසව් වලින් ජයගර්හානය කරන ක්‍රීඩකයන් හට ත්‍යාග ලබාදීමටත් මෙම ක්‍රීඩාවේ නිර්මාණය කළ පිරිස් කටයුතු යොදා තිබේ.
ලංකාවේ අලුත් කාර් මොඩ්ස් එක්ක ඩ්‍රයිව් කරන්න, ජොබ් කරලා සල්ලි හොයන්න, ඒ සල්ලි වලින් කෑම බිම, ගෙවල්, වාහන වගේ තව ගොඩක් දේවල් මිලදී ගන්න, අනිත් කට්ටිය එක්ක චැට් කරන්න කතා කරන්න, අලුත් යාලුවෝ අදුරගන්න, පාටි දාන්න, සිංහල රේඩියෝ අහන්න, යාළුවොත් එක්ක රේස් යන්න, කඳු නගින්න වගේ දේවලුත් එක්ක හිම වැටෙද්දී වාහන එළවන් යන්න, ගංවතුර සුනාමි වගේ ස්වාභාවික විපත් වලට මුහුණ දෙන්න, සොම්බි ඇටැක් වලින් බේරෙන ගමන් යාළුවොත් එක්ක එකතු වෙලා සොම්බින්ව හන්ට් කරන්න වගේ තවත් බොහෝ දේ මෙම ක්‍රීඩාව ඇතුලතදී ලංකාවේ බොහෝ පිරිසක් සමග ඔබට අත් විඳීමට හැකියි.
මේ සම්බන්ධ වැඩි විස්තර ඔබට පහත ෆේස්බුක් ලිපින ඔස්සේ දැනගත හැක.
SLMTA FB Group - https://www.facebook.com/groups/mtasa
SLMTA Fan page - https://www.fb.com/MultiTheftAutoSanandreas
SLMTA Fan page - https://www.fb.com/MultiTheftAutoSanandreas
neth fm හි පලවු ලිපිය = http://offair.nethfm.com/article/30053
0 comments:
Post a Comment